Skip to main content

“තිරසාර මූල්‍යකරණය තුලින් වඩාත් හිතකර ලොවක් ” යන අපගේ අරමුණ පෙරදැරි කරගෙන එලායස්න් ෆිනෑන්ස් සමාගම මූල්‍ය, සමාජ හා පාරිසරික තිරසාරත්වයට අනුකූල වන පරිදි ” තිරසාරමය ” යන වචනයේ සැබෑ අරුත ජාත්‍යන්තර වශයෙන් වටහාගැනීමටත් පෙර අප සමාගමටම අවේනික වූ විශේෂිත ව්‍යාපාරික අනුරුවක් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ලබා දී ඇත. සමාගමේ ආරම්භකයින් ආයතනයට අනුගතකල සාරධර්ම වටිනාකම් වලට අනුගතවෙමින් 2012 වනවිට ත්‍රිත්ව ඵලදායිතා චින්තනයට ළඟවීම තුළින් එලායස්න් ෆිනෑන්ස් සමාගම දශකයක සිටම පිරිපුන් තිරසාරත්වයේ දර්ශනයට අනුගතවෙමින් සිටින බව පැහැදිලිය. මෙම කාලය තුළදී සමාගමයේ සියළුම අංශයන් මෙන්ම සාමාජිකයින් ද ආයතනික සමාජ වගකීම් රාමුවෙන් ඔබ්බට යමින් ව්‍යාපාරික ව්‍යවහාරයන්, කාර්යභාරය සහ වගකීම් තිරසාරත්වයේ හරයට මුසුකිරීමට හැකිවනු පිණිස බොහෝ කටයුතු කරන ලදී, එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අප විශ්වාස කරන්නේ යෙදවුම්, අභ්‍යන්තර ක්‍රියාවලිය සහ පාරිභෝගිකයා සමග කෙරෙන කටයුතු වල සිට නිමැවුම් දක්වා වන සියළු ව්‍යාපාරික කටයුතු තිරසාරත්වය සඳහා අවශ්‍යකරන කොටසක් බවය. එම නිසා, අපව මෙහෙයවන නව අරමුණු ප්‍රකාශනයක් සහ ඉහළ බලපෑමක් කලහැකි පරමාර්ථයන් තිරසාරත්වයට අනුගත කිරීමට හැකිවනු පිණිස අපගේ ආයතනික උපායශීලිභාවය 2018 දී අප විසින් සංශෝධනය කරන ලදී. අපගේ අරමුණු සහ ඉහළ පරමාර්ථවල බලපැවැත්ම නිවැරදිව අවබෝධ කරගෙන කටයුතු කිරීම සඳහා 2020 දී තිරසාරත්වයේ ප්‍රමිතීන් සහ සහතිකකරණය ස්ථාපිතකිරීම පිළිගැනීමට අනුකූලතාවය දක්වමින් ජාත්‍යන්තර තිරසාරත්ව හොඳම ක්‍රියාමාර්ගයන්ට අනුකූල වන ප්‍රමිතීන්ට අප අනුගත වන ලදී.

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ සියළුම පාර්ශ්වයන්ට සුභවාදි බලපෑමක් ගෙනදීම සඳහා මෙය හොඳ වටිනාකම් ඇතිකිරීමක් වනු ඇත. එය සමාගම විසින් තම කාර්යභාරය ඉටුකිරීම ද, සම ආර්ථීක අවස්ථාවන් වැඩිකිරීම හා සමාජ ආර්ථීක විෂමතාවන් අඩුකිරීම ද, ජාතියේ සර්ව ආර්ථීක ප්‍රගතියට දායකත්වය ලබාදීමද හේතු වන්නේය. තවද එය, පරිසරය සුරැකීම ද ජාතික සාමය, එකමුතුකම සහ හවුලේ වැඩ කිරීම යන පුළුල් අරමුණු වලට දායකත්වය ලබාදීම පිළිබඳව ද වේ.

මෑත කාලීන ව්‍යාපෘති ඉස්මතු කිරීම්

කඳුකර දිවියන් සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය

ප්‍රවීණ සංරක්ෂණවේදීන් සහ දිවියන් පිළිබඳ විශේෂඥයින් දෙපලක් වන ආචාර්ය ඇන්ඩෘ කිට්ල් සහ අංජලී වොට්සන් මහත්මිය විසින් ආරම්භ කරන ලද වනාන්තර සහ සහ වනජීවීන් සංරක්ෂණය කිරීමේ පදනම (WWCT) හරහා ඔවුන් විසින් දියත් කර ඇති Peak Ridge වනාන්තර කොරිඩෝව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ මූල්‍ය සහකරු ලෙස සම්බන්ධ වීමට අප ආයතනයට අවස්ථාව ලැබිනි. මෙම සහයෝගීතාවයේ පරමාර්ථය වන්නේ කඳුකර දිවියන් ආරක්ෂා කිරීම , දිවි-මිනිස් ගැටුම් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මෙම තෝරාගත් ප්‍රදේශයේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමයි.

විශේෂ අවස්ථා

ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍යකරණය පිළිබඳ එලායන්ස් මූල්‍ය සමාගමේ මිණුම් සළකුණ

ශී‍්‍ර ලංකාව සහ කළාපයේ තිරසාර මූල්‍යකරණයේ වැදගත් සන්ධිස්ථානයන් සළකුණු් කිරීම- ජර්මනියේ කාර්ල්ෂුහී පැවති ලෝක සංවර්ධන මූල්‍ය වැඩමුළුවේදී, තිරසාරත්වය පිළිබඳ විශ්ව පුරෝගාමී ප‍්‍රමිතිය සහ සහතිකකරණ ආරම්භය (SSCI) යටතේ පිරිපුන් තිරසාරමය සහතිකලත් මූල්‍ය ආයතනයක් වශයෙන් ගෞරවනීය තත්ත්වය සාක්ෂාත් කරගත් දකුණු ආසියාවේ ප‍්‍රථම මූල්‍ය සමාගම බවට එලායන්ස් මූල්‍ය සමාගම පත්වීම (SSCI)ෂ යනු මූල්‍ය සමාගම් සඳහා සමාජ හා පාරිසරික තිරසාරත්වය පිළිබඳව පිරිපුන් සංකලනය වීමක් සඳහා සහ ආයතනයේ ව්‍යුහය තුළ දීර්ඝ කාලීන ප‍්‍රථිඵල අපේක්ෂාවෙන් නව්‍ය සොයාගැනීම් සඳහා මෙහෙයවනු ලබන සීමිත රාමුවක් ගුළ නිර්මාණය වූ ප‍්‍රථම ලෝක ව්‍යාප්ත ප‍්‍රමිතියයි. එය ආයතනවලට ආදායම් උපදවීමේ උල්පත් පාදාදීම සහ ඒ සඳහා අවස්ථාවන් සලසන අතර සාර්ථක සමාජ හා පාර්සරික බලපෑමි නිර්මාණය කල හැකි මූල්‍ය ව්‍යාපාර සහ ව්‍යපෘතීන්ට අරමුදල් සපයා ගැනීම කරනු ලබයි. එලායන්ස් මූල්‍ය සමාගමේ මෙම කාර්ය සහ උපායශීලී බව එක්සත් ජාතීන්ගේ ලෝකව්‍යාප්ත තිරසාර සංවර්ධන අරමුණු (SDGs) සහ ජාතික සංවර්ධන න්‍යාපත‍්‍ර‍්‍රයන්ට අනුකූලවන බවට සහතික වනු ඇත.

තිරසාරභාවය සහතික කිරීම

Certificate of Acceptance Financing 4.0

Sustainability Standards and Certification

2019 Sustainability Leader of the Year, Merit Award

Sri Lanka Best Employer Brand Awards 2016

ක්‍රියාශීලී තිරසාරත්වය

ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය

සමාජ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම

AFC ගෑස් ත්‍රීරෝද රථ

AFC කාබනික එළවළු

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.