Skip to main content

අපගේ ව්‍යාපාරයේ දැක්ම

එලායන්ස් මූල්‍ය සමාගමේ ව්‍යාපාරික උපක්‍රමශීලිභාවය

එලායන්ස් ෆිනෑන්ස් අප ආයතනයේ පිලිගත් අගයන් සහ ආචාර ධර්ම අනුව යමින්, අපගේ සියලු පාර්ශවකරුවන් හට ධනාත්මක බලපෑමක් එකතු කිරීමේ අරමුණ උදෙසා වඩ වඩාත් කැපවෙනු පිණිස අපි, සමාජය සහ දේශය ගොඩනැංවීමට උරදිය හැකි, ඉහල බලපෑමක් ඇති කල හැකි ඉලක්ක ව්‍යාපාරය වෙත හඳුන්වා දුන්නෙමු. මෙම ඉලක්ක සහ මුලපිරීම්ල ආයතනික අරමුණු ලඟාකරගැනීම සඳහා සැකසුණු වර්තමාන සහ අනාගත ක්‍රියාකාරකම් සහ අපගේ දිගුකාලීන දර්ශනය ද පිලිඹිබු කරයි. එනිසා මෙම ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන්, අපි තිරසාරත්ව සංකල්ප සමග අනුගත කරන ලද, වටිනාකම් නිර්මාණය කිරීම මත පදනම් වූ උපායමාර්ගික සැලැස්මක් පිලියෙල කලෙමු.

එලායන්ස් මූල්‍ය සමාගමේ අරමුණු ප්‍රකාශනය

“තිරසාර මුල්‍යකරණය තුලින් ලොව වඩාත් යහපත් ස්ථානයක් බවට පත් කිරීමයි”

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු අප නිරන්තරයෙන් අනුගමනය කරනු ලබයි.

2025/26 වන විට රුපියල් බිලියන 112 ක වටිනාකමට ඇතුළත් සංචලතා විසඳුම් සෑදීම

සංචලතා විසඳුම් විෂය පථය තුළ සියලුම ආදායම් අංශවලට සහ නව ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට, අපි ඉදිරි වසර තුන සඳහා අභිලාෂකාමී ඉලක්ක තබා ඇත. නව ව්‍යාපාර පෝෂණය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම ඉලක්ක සකස් කිරීමේදී අපි හිතාමතාම ප්‍රතිමූල්‍යකරණ මුලපිරීම් බැහැර කර ඇත. පාරිසරික තිරසාරත්වය සඳහා කැප වූ සමාගමක් ලෙස, අප මූල්‍යකරණය කරන ICE වාහනවල ප්‍රතිඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමට AFC ක්‍රියාකාරීව දායක වේ. අපගේ සංචලතා විසඳුම් හරහා අප සහාය දක්වන පාරිභෝගිකයින් සංඛ්‍යාව අනුව AFC අපගේ සමාජ බලපෑම තක්සේරු කරනු ඇත   . පරිසර හිතකාමී සංවිධානයක් වීමට අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කර්මාන්තයේ හොඳම භාවිතයන් ක්‍රියාත්මක කිරීමෙන් සහ ගස් සිටුවීමේ මුලපිරීම්වල නිරත වීමෙන් අපි මෙය සාක්ෂාත් කර ගනිමු.

2025/26 වන විට රුපියල් බිලියන 112 ක වටිනාකමට ඇතුළත් සංචලතා විසඳුම් සෑදීම

සංචලතා විසඳුම් විෂය පථය තුළ සියලුම ආදායම් අංශවලට සහ නව ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට, අපි ඉදිරි වසර තුන සඳහා අභිලාෂකාමී ඉලක්ක තබා ඇත. නව ව්‍යාපාර පෝෂණය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම ඉලක්ක සකස් කිරීමේදී අපි හිතාමතාම ප්‍රතිමූල්‍යකරණ මුලපිරීම් බැහැර කර ඇත. පාරිසරික තිරසාරත්වය සඳහා කැප වූ සමාගමක් ලෙස, අප මූල්‍යකරණය කරන ICE වාහනවල ප්‍රතිඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීමට AFC ක්‍රියාකාරීව දායක වේ. අපගේ සංචලතා විසඳුම් හරහා අප සහාය දක්වන පාරිභෝගිකයින් සංඛ්‍යාව අනුව AFC අපගේ සමාජ බලපෑම තක්සේරු කරනු ඇත   . පරිසර හිතකාමී සංවිධානයක් වීමට අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කර්මාන්තයේ හොඳම භාවිතයන් ක්‍රියාත්මක කිරීමෙන් සහ ගස් සිටුවීමේ මුලපිරීම්වල නිරත වීමෙන් අපි මෙය සාක්ෂාත් කර ගනිමු.

2017 වර්ෂයේ, ජර්මනියේ කාර්ල්ෂු නුවර පැවති තිරසාර මූල්‍ය සමුලුවේදී, කාර්ල්ෂු සම්මුතියට අත්සන් තබමින් අපි තිරසාර සංවර්ධන අරමුණු ලඟාකරගැනීමට කැපවන බවට ප්‍රතිඥා දුන්නෙමු. එයින් පසු ගතවුණු වසර කිහිපය තුලදී අපි, අපගේ ප්‍රතිඥාව සාක්ෂාත් කර ගැනීමට හැකිවනු පිණිස අපගේ අරමුණු ප්‍රකාශණය, ඉහල බලපෑමක් ඇති ඉලක්ක, උපායමාර්ග, ව්‍යාපාර සහ සේවකයින්ගේ භූමිකාවන්, අදාල තිරසාර සංවර්ධන අරමුණු සමග අනුගත කරන ලදී. අපගේ දායකත්ව ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමේදී, අධීක්ෂණය කිරීමේදී සහ ඇගයීමේදී අපි තිරසාර සංවර්ධන අරමුණු හා සබැඳි 5P ප්‍රවේශය අනුගමනය කරන්නෙමු.

ජනතාව

  • ආදායම් උත්පාදන කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබාදීම
  • ග්‍රාමීය සහ ආන්තික ප්‍රදේශ වලට ප්‍රමුඛත්වය ලබා දීම
  • කෘෂිකාර්මික ආයෝජන
  • කාන්තා පාරිභෝගිකයන්ට අතහිතදීම
  • ආයතනික සේවක මණ්ඩලයේ කාන්තා නියෝජනය

මිහිතලය

  • AFC පැල මිලියනයක් රෝපණය කිරීමේල එකමුතුකමේ රුක් රෝපණ ව්‍යාපෘතිය
  • AFC කාබන් පියසටහන
  • ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම
  • සංරක්ෂිත ප්‍රදේශ

ලාභය

  • ප්‍රධාන පාර්ශවකරුවන් වෙනුවෙන් නිපදවන ලද අගය
  • බස්නාහිර පලාතෙන් පිට ප්‍රදේශවල නියෝජනය
  • පාරිභෝගිකයින්ට ලබාදුන් ණය
  • ශාඛා ප්‍රමාණය
  • ගෙවන ලද බදු ප්‍රමාණය
  • තිරසාරත්ව වැඩසටහන් සඳහා ආයෝජන
  • සේවක පුහුණුව සඳහා ආයෝජන

හවුල් ව්‍යාපාර

  • තිරසාරත්ව ජාල හවුල්කරුවන්
  • සාමාජිකත්වය දරණ සංගම්
  • අරමුදල් සපයන හවුල්කරුවන්

සාමය

  • සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන්
  • වගකීම්සහගත සහ සියලුම දෙනාට ලබාගත හැකි මූල්‍ය සේවාවන්

තිරසාරමය සහතිකකරණය පිළිබද අඩංගු කරුණු

කර්මාන්තය සඳහා නව තිරසාරමය සන්ධිස්ථාන ස්ථාපිතකිරීම

ත්‍රිත්ව ඵලදායිතා වටිනාකම් ඇතිකිරිමේ උපක්‍රමය කෙරෙහි අපගේ කැපවීම ද අපට ජාත්‍යන්තර පිළිගැනීම සොයායාමට හා නව සන්ධිස්ථාන සඳහා ඉහළ ලඟාවීමට ද ඒ අතරතුර ශ්‍රී ලංකාවේ සහ කළාපයේ මුළු කර්මාන්තය සඳහාම නව සන්ධිස්ථාන පිහිටුවීමට ද අප පෙළඹවූයේ ත්‍රිත්ව ඵලදායිතා වටිනාකම් ඇතිකිරිමේ උපක්‍රමය කෙරෙහි අපගේ කැපවීමය.

තිරසාරත්වය කෙරෙහි අප තුළ තිබූ දශක ගණනාවක දායකත්වය, කැපවීම සහ ඉමහත් කැමැත්ත සළකාබලමින් 2018 වසරේදී ප්‍රමුඛ තිරසාරමය ප්‍රමිතීන් සහ සහතිකකරණයට මුලපිරීම (SSCI) එලායන්ස් මූල්‍ය සමාගමට පිළිගන්වන ලදී, එලායන්ස් මූල්‍ය සමාගම සැබෑ වටිනාකම් මෙහෙයවන මූල්‍ය ආයතනයක් වශයෙන් ගොඩනැගීම සඳහා ප්‍රමිතීන් විසින් පනවා ඇති තිරසාරමය විධි නියෝග මූලධර්මයන් යාවත්කාලීන කිරිමට සමාගම කටයුතු කරන ලදි. ව්‍යාපාරයක සෑම මට්ටමකම පාලනයේ සිට නිශ්පාදන අංශය සහ මානව සම්පත් කළමනාකරනය දක්වා තිරසාරමය මූලධර්ම නිවැරදිව අනුගමනය කිරීමේ ප්‍රතිඵලයන් වශයෙන් 2020 වසරේ දී එලායන්ස් මූල්‍ය සමාගම පරිපූර්ණ තිරසාරමය සහතික ලත් වටිනාකම් මෙහෙයවන මූල්‍ය අයතනය (SSCI) යටතේ දකුණු ආසියාවේ ප්‍රථම බැංක- නොවන මූල්‍ය ආයතනය බවට පත්විය.

(SSCI) සහතිකකරණය යනු බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සමාජ හා පාරිසරික තිරසාරත්නය මැණබැලීම සඳහා ලොව ප්‍රථම සහතික කලහැකි ප්‍රමිතියයි. මෙය ප්‍රධානය කරනු ලබන්නේ තිරසාර සංවර්ධනය සඳහා වන යුරෝපීය සංවිධානයේ (ESOD) සභාපතිත්වය යටතේ වටිනාකම් මෙහෙයවන මූල්‍ය ආයතන සඳහා වන තිරසාර ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය විසිනි. මෙහි අනෙක් හවුල්කරුවන් වනනේ ආසියානු සහ පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමය (ADFIAP) සහ අප්‍රිකානු සංවර්ධන මූල්‍ය ආයතන සංගමයයි (AADFI).

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.