Skip to main content

අපගේ පාරිසරික මුලපිරීම් ද ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධතිය ප‍්‍රතිස්ථාපනයට ඇතුළත්ය. වනගත සංරක්ෂණ අරමුදලට (WWCT) හවුල් වෙමින් එලායන්ස් මූල්‍ය සමාගම ශී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන මිනිසුන් සහ දිවියන්ගේ පෝෂණය සහ සහභාවය සඳහා ඇතිකර ඇති ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙයි, හඳුණාගෙන ඇති තුරුලතා සහ සත්ත්ව විශේෂයන් 35 ක් මධ්‍යම කඳුකරයේ අක්කර 18 ක කඳු මුදුනක ආරක්ෂා කරදිම සඳහා ද ව්‍යාපෘතිය අරමුණු කර ඇත. 2018-2019 අතර කාලය තුළ දිවියන් 19 සිට 28 ක ප‍්‍රමාණයක් සමග මධ්‍යම ප‍්‍රමාණයේ බළලුන් වර්ගයක් වන Fishing cat සතුන් 12 ක් ද හඳුණාගැනීම WWCT ව්‍යාපෘතියේ ප‍්‍රගතියකි. වනයේ අඩුපාඩු පිරිමසා ගැනීමට හැකිවනු පිණිස සහ වනය ආවරණය වන පෙදෙස් ව්‍යාප්ත කිරිමට හැකි ප‍්‍රදේශ මෙම ව්‍යාපෘතිය මගින් හඳුණාගෙන ඇති අතර ඉහත සඳහන් කල යෝජිත කඳුමුදුනේ අක්කර 18 ක උප ව්‍යාපෘතිය තුළින් එම පෙදෙසේ ආවේනික වූ ස්වභාවික වන සම්පත වර්ධනය කිරීමට හා ආරක්ෂා කර දීම තුළින් වනජීවි සංවර්ධනයට රුකුලක් සපයනු ඇත. ව්‍යාපෘතිව පවත්වා ගෙනයන අතරතුරදී එලායන්ස් මූල්‍ය සමාගමට ඉතා දුර්ලභ අවස්ථාවක් උදාවිය. එනම් දිවිදේනුවන් දෙදෙනෙකු හඳුණාගෙන ඔවුනට නලා සහ නිනා යන නාමයන් දෙන ලදී. දැන් නිනා ඇයගේ කුඩා පැටවුන් සමග සිටිනවා දැකීමට ලැබීමෙන් අපි ඉමහත් උද්දාමයට පත්වීමු.

සංරක්ෂණ කි‍්‍රයාවලියට අමතරව, ප‍්‍රදේශයේ අසල වෙසෙන ප‍්‍රජාවට සහය දැක්වවීමට ද ව්‍යාපෘතිය තුළින් කටයුතු කරමින් සිටී. එවැනි එක් කටයුත්තක් නම් අසල පාසලක දරුවන් ඍජුවම ‘‘ කැලෑ ආරක්ෂකයින් ’’ වශයෙන් යෙදවීම තුළින් ඔවුන්ගේ වටපිටාවේ ස්වාභාවික සම්පත් ආරක්ෂාකර ගැනීමට කටයුතු යෙදීමය. දෙමාපියන්ගේ අවසරය ඇතිව ඩන්ක්හෙල්ඞ් පාසලේ 6 වන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වන සිසුන් 20 දෙනෙකු තොරාගන්නා ලදී. කැලෑ ආරක්ෂකයින් වශයෙන් ඔවුන්ගේ කාර්යය වන්නේ කඳුමුදුන වන සංරක්ෂන පෙදෙසේ අළුතින් සමණල වත්තක් සහ කැලෑ පැළෑටි තවානක් පවත්වාගෙන යාමය ද, පෙදෙසේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කර සිරිසිදුව තබාගැනීම සඳහා ව්‍යාපෘතිය කටයුතු කරන අතර ඒ තුළින් බලාපොරොත්තු වන්නේ පරිසර විද්‍යාව සහ සංරක්ෂන න්‍යායන් සහ ක‍්‍රමවේද ඉගැන්වීම සහ ඩන්කෙල් වත්තේ ඉදිකර ඇති ස්ථිර ස්වයංකී‍්‍රයව කි‍්‍රයාත්මක වන කැමරාවල ආරක්ෂාව සඳහා වගකීම දැරීම ද වේ.

Leave a Reply