Skip to main content

වාහනවලට මූල්‍ය පහසුකම් සැලසීමේ දිර්ඝකාලීන උරුමයක් ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වශයෙන් ත දශක හයකට අධික කාලයක් තුළ විශ්වාසනීය සන්නාමයක් ආරෝපනය වීම හේතුවෙන් ඔබ වාහනයක් මිලදීගැනීමේදී නිවැරදි තීරණ හා තෝරාගැනීම සඳහා සුදුසුම ස්ථානය බවට එලායන්ස් ෆිනෑන්ස් සමාගම පත්ව ඇත.

Autosure යනු එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ විශේෂිත වූ ව්‍යාපාර ඒකකයයි. එය සමාගමේ මෝටර් රථ විකිණීම, කල්බදු පහසුකම්, වාහන හුවමාරුව, වාහන කුලියට දීම (Ezi Drive) මෙන්ම වාහන සර්විස් කිරීම ද ඇතුළු සියලූ විසඳුම් එකම ස්ථානයකින් ලබාදිය හැකි අන්දමට අංග සම්පූර්ණ ලෙස සන්නද්ධ වී ඇති ඒකකයකි. තවද, වාහන වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 18 කට අධික විශේෂඥ පළපුරුද්ද ලබා ඇති වාහන වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 18 කට අධික විශේෂඥ පළපුරුද්ද ලබා ඇති AFC සමාගම,  පාරිභෝගික වටිනාකම් ව්‍යාපාරික සැලසුම, ඒ සඳහාම කැපවූ කණ්ඩායමක සහය ඇතිව පාරිභෝගිකයාට මග පෙන්වමින් අතිරේක වාසි ද ලබාදෙයි.

තවද මෙම ඒකකය ප්‍රධාන පෙළේ බොහෝ වාහන ව්‍යාපාරිකයින් සමඟ හවුල් වී වාහන හුවමාරුවට පහසුකම් සලසයි.

පාරිභෝගිකයින්ගේ කාලීන අවශ්‍යතාවයන් සපුරාලීමට හා ඉන්ධන සඳහා ඉල්ලූම වැඩිවෙමින් පවතින පසුබිමක, තමාටම වාහනයක් හිමිකර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකීය ජනතාවට ඒ සඳහා මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් අවස්ථාවන් රාශියක් සලසාදීමට මෙම ඒකකය ඉතා හොඳ සූදානමකින් සිටී.

ප්‍රතිලාභ

  • වාහන ක්ෂේත‍්‍රයේ එලායන්ස් ෆිනෑන්ස් සතු වසර 65කට වැඩි විශ්වාසය හා විශිෂ්ටත්වය
  • වාහන වෙළඳාමේ වසර 18 කට අධික පළපුරුද්ද හා විශේෂඥභාවය
  • තෝරා ගැනීමට සාධාරණ මිල ගණන් සහිත පුළුල් පරාසයක වාහන මාදිලි
  • වාහන හුවමාරුව හා විකිනීම

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

වෙලඳ පොලේ සීඝ්‍රයෙන් උච්චාවචනය වන පොලී අනුපාත හේතුවෙන් ඉහත පොලී අනුපාත දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. වත්මන් පොලී අනුපාත සඳහා කරුණාකර දුරකථන අංක: 011 2 673 673 (Ext – 128,136,189,281,282,283) මගින් අප හා සම්බන්ධ වන්න.

විමසීමක් කිරීම

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.
Please enable JavaScript in your browser to complete this form.
ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.