Skip to main content

එලායන්ස් මූල්‍ය සමාගම මෑතකදී මූල්‍ය හා රක්ෂණ ක්ෂේත‍්‍රය යටතේ ඉතා අගනා ACCA තිරසාරමය වාර්තාකරණ සම්මානය දිනාගත්තේ ය. තිරසාරමය සංවර්ධනය කෙරෙහි සමාගම දක්වන ව්‍යාපාර උපායශීභාවය හා එහි මධ්‍ය ව්‍යාපාරයක් වශයෙන් තිරසාරත්වයට දක්වන සැළකිල්ල පිළිබඳවත් සමාගමේ දර්ශනය මින් ඉතා හොඳින් පැහැදිලි වේ.

තිරසාරමය උපායශීලිභාවය නව පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට ඉවහල් වනු ඇත. තරුණ පාරිභෝගිකයන් තම ජීවන රටාවට අනුකූල වන පරිදි පාරිභෝජනය සඳහා තෝරාගැනීම් කරනුලබන අතර එම පාරිභෝජනයන්ට සමාජ හා තිරසාරමය රාමුව තුළ පැවැත්මක් තිබේද යන්න ඔවුන් සොයාබලති. පාරිසරික හා සමාජ සවිඥානිකතාවය යනු වර්ධනය වෙමින් පවතින නව නැඹුරුවකි. ඒවාට ප‍්‍රතිචාරය දක්වමින් ධනාත්මක ලෙස එයට අනුගතවෙමින් වෙනසට මුහුණදෙන ආයතනයක් වශයෙන් එලායන්ස් මූල්‍ය සමාගම කටයුතු කරයි. ගෝලීය බලපෑම් කෙරෙහි වැඩිවෙමින් පවතින ආයෝජකයින් සමුහය සහ ශී‍්‍ර ලාංකීය ව්‍යාපාරික ව්‍යවසායකයින් එකට සම්බන්ධකරන පුරුකක් වශයෙන් ද එලායන්ස් මූල්‍ය සමාගම කටයුතු කරයි.

එලායන්ස් මූල්‍ය සමාගමේ තිරසාරත්වය, ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති වලින් තවත් ඉදිරියට යමින් කටයුතු කරයි. දෙමුහුම් හා විදුලි වාහන සඳහා කල්බදුදීම වැඩිවෙමින් පවතින අතර එලායන්ස් මූල්‍ය සමාගම ද මෝටර් රථ වාහන සඳහා කල්බදු මූල්‍ය ලබාගන්නා සෑම කල්බදු දීමක් සඳහාම ගස් 50 ක් සිටුවා පෝෂණය කිරීම කරනු ලබයි. මේ අනුව 2023 වනවිට හෝ ඊට කලින් ගස් මිලියනයක් සිටුවීමේ එකමුතු ව්‍යාපෘතිය ඉටුකරනු ඇත.

තවද, එලායන්ස් මූල්‍ය සමාගම එහි සම්පූර්ණ තිරසාරමය උපක‍්‍රම හා ව්‍යාපාර දර්ශනයට අනුගතවෙමින් තෝරාගත් සංරක්ෂන හා ජෛවවිවිධත්ව ව්‍යාපෘතින්ට සහය දක්වනු ඇත. දර්ශනීය මධ්‍යම කඳුකරයේ වෙසෙන ස්වාභාවික ආදිවාසි සතෙකු වන දිවියා ආරක්ෂාකරදීම සඳහා ජෛවවිවිධත්ව ආරක්ෂණය සඳහා මග සලසමින් වනවාසි හා වනජීවි සංරක්ෂන අරමුදලට දායකත්වය ලබාදෙමින් අන්ජාලි වොට්සන් සහ දොස්තර ඇන්ඩෘ කිට්ල් ය නඅය සමග කටයුතු කරමිනි සිටී. මෙයට අමතරව, ති‍්‍රරෝද රථ රන්ජින් ගෑස්වලින් කි‍්‍රයකිරීමට සැලැස්වීමේ ව්‍යාපාරයක් ද එලායන්ස් මූල්‍ය සමාගම විසින් ආරම්භ කර ඇති අතර ඒ මට ද හැකිවනු ඇත. 2023 වනවිට ති‍්‍රරෝද රථ විශාල ප‍්‍රමාණයක් මෙලෙස ගෑස්වලින් කි‍්‍රයකිරීමට සැලැස්වීම සඳහා එලායන්ස් මූල්‍ය සමාගම ලන්දේසි තාක්ෂනය යොදාගනු ලබයි.

එලායන්ස් මූල්‍ය සමාගම 2017 දී ජර්මනියේ පැවති විශ්ව තිරසාරමය මූල්‍ය සම්මන්ත‍්‍රණයේ දී අත්සන් කල කාල්ෂෘහේ විසඳුමේ අත්සන්කරුවෙකි. එක්සත් ජාතීන්ගේ තිරසාරමය සංවර්ධන අරමුණු හා පැරිසියේ දේශගුණික ගිවිසුම සාක්ෂාත් කරගැනීම සඳහා තිරසාර සංවර්ධනයට හා මට ප‍්‍රතිඥා දී ඇති ආයතනයකි.

Leave a Reply