Skip to main content

එලායන්ස් මූල්‍ය සමාගමේ කාබනික එළවළු ව්‍යාපෘතිය මූලික වශයෙන් ආරම්භ වුයේ කාබනික පොහොර යෙදූ ගොවිතැනට සහය ලබාදෙන අතරම සේවක සුභසාධනයක් වශයෙන් එලායන්ස් මූල්‍ය සමාගමේ සේවක පවුල්වලට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමේ පුරුද්ද ඇතිකරනු සඳහාය. එලායන්ස් මූල්‍ය සමාගම එහි සේවක මණ්ඩලය සඳහා කොළඹට එළවළු ගෙනඒමට හැකිවනු පිණිස උඩරට එළවළු සඳහා බන්ඩාරවෙල පිහිටි මිහිමඬල කාබනික ගොවිපළත්, පහත රට එළවළු සඳහා මාහෝ පිහිටි මිහිමඬල කාබනික ගොවිපළත් පවත්වාගෙනයාමට හැකිවිය,

COVID -19 රට වසා තිබූ කාලයේදී කාබනික ආහාර නිශ්පාදන අපගේ සේවක මණ්ඩල සාමාජිකයින්ගේ නිවසට ගෙනැවිත් භාරදීම නිසා මෙම සේවය එම කාලය තුළ ඉතා හොඳ ප‍්‍රතිඵල ගෙනදුනි. මිහිමඬල නිපැදවූ කාබනික එළවළු උනන්දුවක් දැක්වූ බාහිර පාර්ශ්වයන්ට මිළදී ගැනීමට සැලැස්වීමටද අපට හැකිවිය.

පොළොව සකස්කිරරීමේ අදියරේ සිට අවසාන පාරිභෝජන අදියර දක්වා කාබනික ගොවිතැන බොහෝ පාරිසරික හා සමාජයීය ප‍්‍රතිලාභ ගෙනදෙයි. කාබනික ගොවිතැනේදී බිම්කෙටීම හා පස සකස් කිරීම අඩුවෙන් කලහැකි අතර එයට ප‍්‍රතිඵල වශයෙන් යන්ත‍්‍ර / මිනිස් බලය අඩුවෙන් භාවිතා කිරීම සිදුවේ. අනෙකුත් ප‍්‍රතිලාභ අතර පසේ සාරවත්බව, රසායනික භාවිතය නොමැතිවීම, සෞඛ්‍ය සම්පන්න ආහාර, පස සොදායාම අඩුවීම සහ පෘතිවිය උණුස්ම්වීම අවම කිරීමට දායකවීම ආදිය වේ.

Leave a Reply