Skip to main content

නව්‍යමය ප‍්‍රවාහන විසඳුමක් සහ ඉතාමත් අවශ්‍යව පවතින ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ පරිසරයට හානි නොවන විකල්පයන් වශයෙන් දියරමය ඛණිජ ගෑස් (LPG) වලින් බලගැන්වෙන ති‍්‍ර රෝද රථ ව්‍යාපෘතියක්, ති‍්‍රත්ව ඵලදායිතාවයේ සියළුම විෂයාංග සමග එකමුතුව කි‍්‍රයාත්මක කිරිමට එලායන්ස් මූල්‍ය සමාගම කටයුතු කරයි. එලායන්ස් මූල්‍ය සමාගම, නෙදර්ලන්තය පාදක කරගත් ප‍්‍රවාහනය සඳහා විකල්ප විසඳුම් සමග ඔටෝ ගෑස් සඳහා විශේෂඥයෝ සහ ලෝක ව්‍යාප්ත ප‍්‍රමුඛයින් වන වියල්ලේ් (Ville) සමග ශවුල් වී පෙට්රෝල් ටක් ටක්ස් රථ LP ගෑස් වලට හැරවීමේ යාන්ත‍්‍රණයක් සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. ගෑස් වලින් බලගන්නවන වාහනයකින් ඉන්ධන භාවිතය දළ වශයෙන් 10% CO, NOx සහ Hydrocarbons ඇතුළුව CO2 සහ 30-40‍්‍% අනෙකුත් අනතුරුදායක ගෑස් වර්ග අඩුවීමටද ඇස්තමේන්තු කර ඇත”

එලායන්ස් මූල්‍ය සමාගමේ ප‍්‍රථම ති‍්‍රරෝද රථ ගෑස්වලට හැරවීමේ මධ්‍යස්ථානය 2020 පෙබරවාරි මාසයේ දී එෛතිහාසික අනුරාධපුර නගරයේදී විවෘත කරන ලද අතර එය අපගේ දියුණුවීමට වෙරදරන පරිභෝකයනට අද්විතීය අවස්ථාවක් වනු ඇත. අපගේ ඉලක්කය වන්නේ 2025 වසර වනවිට වෙළඳපලේ වාහන 200,000 ක් ගෑස් වලට හැරවීමටය. මේ තුළින් CO2 මෙට්රික් ටොන් 96.000 කට වැඩිප‍්‍රමාණයක් සහ ඉතාමත් සැලකිය යුතු වෙනත් අනතුරුදායක ගෑස් පරිසරයට විමෝචනය වීම වළක්වාලීමට හැකිවනු ඇත. මෙරට ති‍්‍රරෝද රථ වලින් 20% ක පමණ ප‍්‍රමාණයකට මෙම ගෑස්වලට හැරවීම සිදුවනු ඇත. මෙයට අමතරව, අප විසින් ගෑස්වලට හරවන ලද ති‍්‍රරෝද රථ ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන පුද්ගලයිනට ලබා දී ඔවුන් බලගැන්වීමට හැකිවනු ඇත. තවද LP ගෑස් වල මිළ අඩු නිසා පාරිභෝගිකයාට පිරිවැය වාසි සහගත වනු ඇත. මෙම සේවයෙන් ප‍්‍රතිලාභ භුක්ති විඳින අයගෙන් ආර්ථික වශයෙන් අනර්ථ පුද්ගලයිනට සහයවීමට හැකිවනවාක් මෙන්ම හානිකර විමෝචනයන් පරිසරයට මුදාහැරීම අඩුකිරීමට දායකත්වය ද ලබාදිමට හැකිවනු ඇත. ඒ අනුව රටේ කාබන් නිකුතුව අඩුකිරීම සඳහා දායකත්වය ද ලබාදෙනු ඇත.

2025 වනවිට ශී‍්‍ර ලංකාවේ ජාතික කාබන් නිකුතුව CO2Mt 118,000 කින් අඩුකිරීම හැකිවීම හේතුවෙන් එලායන්ස් මූල්‍ය සමාගමේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ ඉහළ බලපෑමට මෙම ව්‍යාපෘතිය ප‍්‍රධාන දායකයෙක් වනු ඇත.

Leave a Reply