Skip to main content

ශී‍්‍ර ලංකාවේ දෙවෙනි පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් මූල්‍ය සමාගමේ (Alliance Finance Company PLC) ව්‍යාපාරික දර්ශනයට මග පෙන්වන්නේ දේශීය හා ජාත්‍යන්තර තිරසාර සංවර්ධන ප‍්‍රමුඛත්වයන්ට අනුව කටයුතු කරන ජනතාව, විශ්වය සහ ලාභය ඉලක්ක කරගත් ති‍්‍රත්ව ඵලදායිතා මූලධර්මයන් ය. එලායන්ස් මූල්‍ය සමාගම දශක හයකට අධිික කාලයක් තුළ ආචාරධර්ම ව්‍යාපාරික හුරුපුරුදු අනුගමනය කර නොකැළැල් වාර්තා පිහිටුවමින් ද විශ්වාසය දිනාගනිමින් ද ශක්තිමත් අඩිතාලමක් දමා ඇත.

සමාගමේ මධ්‍ය ව්‍යාපාරයක් වන කල්බදු උපයෝගි කරගෙන පරිසරයට සහයවීම සඳහා සමාගම දරන ප‍්‍රයත්නයට අනුගතවෙමින්, එලායන්ස් මූල්‍ය සමාගම ජාත්‍යන්තර සිංහ සමාජය, දිස්ති‍්‍රක්ක 306බී1 සමග සහයෝගිතාවයෙන් දකුණු සහ කඩුවෙල අධිවේගි මාර්ගයන් හි තෝරාගත් ප‍්‍රදේශවල සිටුවීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට පැළ 40,000 ක් සැපයීම 2019 වසරේ දී කරනු ලැබීය. මේ වසරේ දී නැවතත් මාර්ග සංවර්ධන අධිකාරියේ ‘‘ හරිතකරණ අධිවේගි මාර්ගය ’’ ව්‍යාපෘතියට හවුල්කරවකුවීමේ අවස්ථාව උදාකරගනිමින් ළපටි පැළ 100,000 ක් දැනට පවතින හා යෝජිත අධිවේගි මාර්ග දෙපස සිටුවීමට ඉලාපොරොත්තු වේ. මෙම හවුල් කර්තව්‍යයට ධනාත්මක දායකත්වයක් දක්වන මාර්ග සංවර්ධන අධිකාරිය සහ එහි උද්යෝගිමත් කාර්ය මණ්ඩලය සමාගමට ගැලපෙන සැබෑ හවුල්කරුවෙකි.

මෙම පැළ සපයනු ලබන්නේ ‘‘තුරු වියන’’ හි ජයන්ත මහතාය. සාර්ථක සමාජ ව්‍යවසායකයෙකු වන ඔහු මතු වූයේ ‘‘ඇත් පවුර’’ වැඩසටහනේ පුොගාමිත්වයෙනි. එහි පදනම හරහා ඔහුගේ ව්‍යාපාරයට සමාජ ව්‍යවසායකයෙකු ලෙස සළකා එලායන්ස් මූල්‍ය සමාගම විසින් සහය දක්වනු ලැබේ.

මෙම වසර තුළ දී ප‍්‍රදානය පැළ 50,000 ද සමගින් අධිවේගි මාර්ගයේ දෙපස එල්යන්ස් මූල්‍ය සමාගම විසින් පැළ කරන ලද මු`ඵ පැළ ප‍්‍රමාණය 90,000 ක් වන අතර වාර්ෂිකව කාබන් ඩයි ඔක්සයිඞ් මෙක්ටි‍්‍රක් ටොන් 1980 ක් CO2 (1,980MTs of CO2) උරාගනු ලැබේ. මෙම CO2 උරාගැනීමට අමතරව පරිසරයට මුදාහැරෙන විමෝචනයන් අඩුකිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් බෆරයක් ඇතිකරනු ලබයි. අධිවේගි මාර්ගය දෙපස හරිතවර්ණ තීරය පසුකරගෙනයන සිය`ඵ දෙනාටම මෙය ඉතා අලංකාර දර්ශනයක් වනු ඇත. මෙම ව්‍යාපෘතියට අමතරව 2023 වනවිට දිවයින පුරා ගස් මිලියනයක් සිටුවීමට ප‍්‍රතිඥා දී ඇති අපගේ එකමුතු ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන බැවින් තවත් ශක්තියක් එකතුවනු ඇත.

Leave a Reply