Skip to main content

ජනතාව ති‍්‍රත්ව ඵලදායිතාවලට අනුකූලව කටයුතු කිරිමට සහතික වනු පිණිස එලායන්ස් මූල්‍ය සමාගම විසින් සමාජ ව්‍යාපාරවලට සහය දැක්වීමේ ව්‍යාපෘතියක් ‘‘ ඇත් පවුර ’’ නමින් රූපවාහිනී සජීවි වැඩසටහනක් කි‍්‍රයාත්මක කර ඇත.

ඇත් පවුර යනු Lanka Impact Investing network (LINN) සහ Social Enterprise Lanka විසින් මූලිකව ආරම්භ කරන ලද අතර එය සැලකිය යුතු අන්දමින් පරිසරය සහ / හෝ සමාජය පිළිබඳව ධනාත්මක බලපෑමක් කල හැකි අන්දමට සමාජ ව්‍යාපාරිකයිනට සහය දක්වයි. එය යථා තත්ත්වය නිවැරදිව පෙන්වා දෙන Shark Tank- USA සහ Dragon’s Den – UK, රූපවාහිණී වැඩසටහනක් වන අතර සමාජ ව්‍යවසායකයින්ට තම ව්‍යපාරවලට ජවසම්පන්න ආරම්භයක් ලබාගැනීමට හැකිවනු ඇත. ස්වකීය ව්‍යාපාරික කර්මාන්තයේ විශිෂ්ඨ දස්කම් දක්වා ඇති දළ ඇතුන් වශයෙන් හැඳින්වෙන අති සාර්ථක ව්‍යවසායකයින් විසින් විනිශ්චය මෙහෙයවනු ලබයි. මෙම වැඩසටහන් මාලාවේ 1 සහ 11 වැඩසටහන් වලදී පහත දැක්වෙන වර්ගීකරණවල බොහෝ විශිෂ්ඨ සමාජ ව්‍යාපාරවලට එලායන්ස් මූල්‍ය සමාගම විසින් ආයෝජනය කරන ලදී
– කාබනික කෝමරිකා වගාව
– භාවිත නොකරන ලද දේශීය නළතුරු සහ එළවළු වලට වටිනාකම එකතුකිරීම
– සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර
– පැල තවාන
– ස්වාභාවික මදුරු උවදුර
නැගී එන සමාජ ව්‍යවසායකයිනට සහය දක්වන සංවිිධානයන් එතරම් ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවේ නැත. එමනිසා ඔවුන්ගේ වටිනා අදහස් පිබිදීමට පෙරම මිලාන වී යයි. ඔවුන් ලබාගතයුතුව තිබූ මිලකල නොහැකි ප‍්‍රතිඵල කිසිදිනක සමාජයට සහ පරිසරයට නොලැබෙනු ඇත. ඇත් පවුර ආරම්භ කරන ලද්දේ මෙම හිදැස නැතිකර දැමීමට සහ සමාජ ව්‍යවසායකයිනට තම නිශ්පාදන දියුණුකරගැනීමේ අරමුණින් සහ තම නිශ්පාදන පිළිබඳව අපේක්ෂිත බලපෑම සමාජයේ හා පරිසරයේ සහපැවැත්ම උදෙසා හ`ඩක් නැංවීමට සහ ආයෝජකයින්ගේ සහය පැතීම සඳහාත්ය. එය තිරසාර වටිනාකම් ඇතිකිරීම සඳහා වේදිකාවක් වන අතරම එය එලායන්ස් මූල්‍ය සමාගමේ මූලික අරමුණකි. තවද, කාල්ශ්රූ විසඳුම (Karlsruhe resolution) ප‍්‍රතිඥාවට අත්සන් හේතුවෙන් තිරසාර සංවර්ධන අරමුණු රාශියකට දායකත්වය ලබාදීමට එලායන්ස් මූල්‍ය සමාගමට හැකිවිය.

Leave a Reply